මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ඝාතනයට කොන්ත්‍රාත්තුවක් ?

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ව්‍යාපාරිකයෙකුවන ජනක රත්නායක ඝාතනය නොකිරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

ඩුබායි රටේ සැඟව සිටින ‘බ්ලූමැන්ඩල් සංඛ’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයා එම කප්පම් මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (16) පෙරවරු 7.10 ත් 9.00 ත් අතර කාලය තුළ බ්ලූමැන්ඩල් සංඛ යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයෙක් දුරකථනයෙන් අමතා, තමන්ව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත්, එම කොන්ත්‍රාත්තුව ඔහු විසින් ඉටු නොකරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක් අවශ්‍ය බවත් දැනුම් දුන් බව, ජනක රත්නායක පොලිසිය හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.

එකී ඇමතුම අනුව පැමිණිලිකරුවන ජනක රත්නායක තම කාර්යාලයේ තිබූ මුදල්වලින් රුපියල් ලක්ෂ 15ක මුදලක් තමන්ට ඇමතුම් ලබාදුන් පුද්ගලයා වෙත ලබාදෙන ලෙසට සේවකයෙකුට දැනුම්දී තිබූ බව ද පොලිසිය පවසනවා.

ඒ, අනුව එම සේවකයා විසින් ජනක රත්නායක ලබාදුන් විස්තරවලට අනුව කිරුළපන පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට අදාළ රුපියල් ලක්ෂ 15ක මුදල ලබාදුන් බව පවසමින් ඊයේ (16) දහවල් කිරුළපන පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබූ බවයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනක් පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (16) දහවල් ප්‍රදේශය කීපයකට පිටත්ව ගොස් ඇති බව අදාළ උසස් පොලිස් නිලධාරියා පැවසුවා.

මීට පෙර අවස්ථාවක ද ජනක රත්නායකගෙන් ‘බ්ලූමැන්ඩල් සංඛ’ නැමැත්තාගේ කණ්ඩායමට රුපියල් ලක්ෂ ගණනාවක කප්පම් මුදල් ලබාගෙන ඇති බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48