AFC Banner
AFC Banner
Empty Ad

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිගේ පෙත්සම් නිශ්ප්‍රභ කරන්නැයි නීතිපතිගෙන් මූලික විරෝධතා

මෑතකදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකරන ලද විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබෙනවා.

මෙම පෙත්සම් අද ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නම් කර නොමැති බව සඳහන් කළා.

එමෙන්ම එහි වගඋත්තරකරුවකු ලෙස බලශක්ති විෂය භාර අමාත්‍යවරයා නම් කර නොමැති බවත් ඇය පෙන්වා දුන්නා.

මෙය බරපතළ නීතිමය දෝෂ සහගත තත්ත්වයක් දැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය එබැවින් අදාළ පෙත්සම් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති හෙයින් ඒවා නිෂ්ප්‍රභ කරන ලෙසත් සිය මූලික විරෝධතාවලින් ඉල්ලා සිටියා.

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවා දායකයින්ගේ කරුණු දැක්වීම් වලින් තොරව මෙම පෙත්සම් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව ඔවුන්ගේ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා සති 8 ක කාලයක් ලබාදුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 05 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?