මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිගේ පෙත්සම් නිශ්ප්‍රභ කරන්නැයි නීතිපතිගෙන් මූලික විරෝධතා

මෑතකදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකරන ලද විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබෙනවා.

මෙම පෙත්සම් අද ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නම් කර නොමැති බව සඳහන් කළා.

එමෙන්ම එහි වගඋත්තරකරුවකු ලෙස බලශක්ති විෂය භාර අමාත්‍යවරයා නම් කර නොමැති බවත් ඇය පෙන්වා දුන්නා.

මෙය බරපතළ නීතිමය දෝෂ සහගත තත්ත්වයක් දැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය එබැවින් අදාළ පෙත්සම් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති හෙයින් ඒවා නිෂ්ප්‍රභ කරන ලෙසත් සිය මූලික විරෝධතාවලින් ඉල්ලා සිටියා.

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවා දායකයින්ගේ කරුණු දැක්වීම් වලින් තොරව මෙම පෙත්සම් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව ඔවුන්ගේ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා සති 8 ක කාලයක් ලබාදුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 05 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26