මහජන ආරක්ෂක ලේකම්ගේ රිය අනතුරේ නඩුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියට මාරු කරන ලෙස නියෝග

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට එරෙහිව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු සම්බන්ධ නඩුවක් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට මාරු කරන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කර තිබෙනවා.

රවි සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව දෙමින් මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

2023 වසරේ සිදුවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් තමන්ට එරෙහිව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙන බව පෙත්සම්කාර රවී සෙනවිරත්න පවසනවා.

එම අධිකරණය හමුවේ තමන්ට සාධාරණ නඩු විභාගයක් නොලැබෙන බවත් ඒ අනුව අදාළ නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී අදාළ නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීම සම්බන්ධයෙන් වග උත්තරකරුවන් විරෝධය පළ කළේ නැහැ.

ඒ, අනුව අදාළ නඩුව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත මාරු කරන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
21
+1
1
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10