මව පැදවූ යතුරුපැදිය අනතුරට ලක්ව අවුරුදු 03 දියණිය ජීවිතක්ෂයට

ගම්පොල – නාවලපිටිය මාර්ගයේ ඇත්ගාල, නාගොල්ල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගම්පොල දෙසට ධාවනය වූ කාර් රථයක් බස් රථයකට ඉස්සරකිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී ඊයේ (20) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් යතුරුපැදිකාරිය සහ දරු දෙදෙනා තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුඩා දියණියක් මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 03ක දැරියක් බවයි වාර්තා වන්නේ.

යතුරුපැදිය ධාවනය කර ඇත්තේ දරුවන්ගේ මව වන අතර තුවාල ලැබූ මව සහ වයස අවුරුදු 07ක අනෙක් දරුවා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට සම්බන්ධ කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇත්ගාල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

අත්අඩංගුවට ගැනුණු කාර් රථයේ රියැදුරු අද (21) දින ගම්පොල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03