මව්බිමට එන්න ඕන නම්, තානාපති කාර්යාල දැනුවත් කරන ලෙසට ලක් රජයෙන් ඉල්ලීමක්

මැදපෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින්, ඊශ්‍රායලයේ සහ ඉරානයේ යන රටවල් ද්විත්වයෙහි ම සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් වශයෙන් මැදිහත් වන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.

ගැටුම් ඉහළ යාමත් සමග ගුවන් සීමා වසා ඇති බවත්, ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තානාපති කාර්‍යාල සමග සාකච්ඡා කරමින් සිටින බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

රජයේ ප්‍රමුඛත්වය ශ්‍රී ලංකා පුරවැසියන් ආරක්ෂා කිරීම බවත්, මේ වනවිට ඊශ්‍රායල – ඉරාන ගැටුම්වලට ලක් ව ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් ඇති බවත් අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා පැවසුවා.

මේ වනවිට විදේශ රැකියා සඳහා ඊශ්‍රායලයට ගමන් කිරීම නවතා ඇති බවත්, ඉදිරියේ දී රජයක් වශයෙන් ඒ ගැන යම් තීන්දුවක් ගත හැකි වනු බවත් වාර්තා වනවා.

කිසියම් ලාංකිකයෙකුට තම මව්බිමට යළි ඒමට අවශ්‍ය නම් ජෝර්දාන් හරහා ඒමේ හැකියාව ඇති බැවින් තානාපති කාර්‍යාලයට එම ඉල්ලීම් යොමු කරන ලෙසයි ශ්‍රී ලංකා රජය දැනුම්දී ඇත්තේ.

ඊශ්‍රායලයේ බංකර් ඇති බැවින් ආරක්ෂා වීමට ඒවාට යොමු වන ලෙසත්, එම රටේ නීතියෙන් ලබාදෙන නිර්දේශ අනුව කටයුතු කරන ලෙසත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?