මව්බිමට එන්න ඕන නම්, තානාපති කාර්යාල දැනුවත් කරන ලෙසට ලක් රජයෙන් ඉල්ලීමක්

මැදපෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින්, ඊශ්‍රායලයේ සහ ඉරානයේ යන රටවල් ද්විත්වයෙහි ම සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් වශයෙන් මැදිහත් වන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.

ගැටුම් ඉහළ යාමත් සමග ගුවන් සීමා වසා ඇති බවත්, ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තානාපති කාර්‍යාල සමග සාකච්ඡා කරමින් සිටින බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

රජයේ ප්‍රමුඛත්වය ශ්‍රී ලංකා පුරවැසියන් ආරක්ෂා කිරීම බවත්, මේ වනවිට ඊශ්‍රායල – ඉරාන ගැටුම්වලට ලක් ව ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් ඇති බවත් අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා පැවසුවා.

මේ වනවිට විදේශ රැකියා සඳහා ඊශ්‍රායලයට ගමන් කිරීම නවතා ඇති බවත්, ඉදිරියේ දී රජයක් වශයෙන් ඒ ගැන යම් තීන්දුවක් ගත හැකි වනු බවත් වාර්තා වනවා.

කිසියම් ලාංකිකයෙකුට තම මව්බිමට යළි ඒමට අවශ්‍ය නම් ජෝර්දාන් හරහා ඒමේ හැකියාව ඇති බැවින් තානාපති කාර්‍යාලයට එම ඉල්ලීම් යොමු කරන ලෙසයි ශ්‍රී ලංකා රජය දැනුම්දී ඇත්තේ.

ඊශ්‍රායලයේ බංකර් ඇති බැවින් ආරක්ෂා වීමට ඒවාට යොමු වන ලෙසත්, එම රටේ නීතියෙන් ලබාදෙන නිර්දේශ අනුව කටයුතු කරන ලෙසත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21