මවට සහ දියණියට දිවි අහිමි කළ අනතුර (වීඩියෝ /ඡායාරූප)

වවුනියාව – මන්නාරම ප්‍රධාන මාර්ගයේ කන්නාට්ටි ප්‍රදේශයේදී අද (16) උදෑසන සිදු වූ අනතුරකින් මවක් හා දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පරයානන්කුලම පොලිසිය පැවසුවේ දරුවා උදෑසන පාසලට රැගෙනයාමට බස් රථයක් පැමිණෙනතෙක් මාර්ගයේ රැඳී සිටිය දී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක ගැටී මොවුන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ අවුරුදු හයක් වූ දියණියයි.

අනතුරින් පසු ලොරි රථය පළා යාමට උත්සාහ කළ අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් එය නවතා රියදුරු අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෝපයට පත් ප්‍රදේශවාසීන් ලොරි රථය පෙරළා ගිනි තැබීමට ද උත්සාහා ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුර සිදුකළ ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරයානන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

https://youtu.be/ndRSzL04cCY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
25
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?