AFC Banner
AFC Banner
Empty Ad

මවගේ භස්මාව‍ශේෂ පාර්සලේ රාජගිරියේ කන්තෝරුවට ගෙනා පුතාට අත්විදීමට සිදු වු දේ

මීට මාස 03 ක පමණ ඉහත දී මියගිය මවගේ අස්ථි කොටස් නිවසේ තබාගෙන ඒවාට වැඳුම් පිදුම් කර තිබුණ බව කියන 52 හැවිරිදි පුතෙකු පසුව ඒවා රැගෙන පාර්සලයක ඔතාගෙන සිය කාර්යාලයටද රැගෙන ඒමේ පුවතක් වාර්තා විය. රාජගිරිය නාවල පාරේ ගොඩනැගිල්ලක 3 වැනි මහලේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට ඔහු මේවා රැගෙන විත් එහි පිළිගැනීමේ නිලධාරියා සිටින ස්ථානයේ තබාගොස් තිබී ඇති අතර සැකකටයුතු පාර්සල් 02 ට අයිතිකරුවෙකු නැතිවීම නිසා වැඩිදුර විමසීමට ඇර බැලීමේදී මිනී ඇටකටු හා අළු තිබීමෙන් බියට පත් පිළිගැනීමේ නිලධාරියා මේ ගැන 119 හදිසි ඇමතුම් අංකයට දන්වා ඇත. ලැබුණු තොරතුර අනුව වැලිකඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් කාර්යාලයට ගොස් ඒ ගැන පරීක්ෂා කරන අවස්ථාවේ අයිතිකරු මතුවිය.

ඔහු එම ආයතනයේ රියදුරෙකු ලෙස සේවය කරන 52 හැවිරිදි පුද්ගලයෙකි. හෙට්ටිපොල බෝගොල්ල ප්‍රදේශයේ පදිංචි ඔහු පොලිසියට පවසා ඇත්තේ මෙම පාර්සලය තමන්ගේ රාජකාරියකට පැමිණි විගස අද දින එළියට ගිය නිසා ඇතුළින් තබාගැනීම පසුව කරන්නට සිටි බවයි. එබැවින් පිළිගැනීමේ නිලධාරියා බියට පත්වීම ගැන සමාව ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් මේ ආකාරයේ මිනී ඇටකටු පාර්සල් කර ළඟතබාගැනීම ගැන ඇතිවූ සැකය මත පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ මීට මාස 03 ක පමණ ඉහත දී මියගිය මවගේ අස්ථි කොටස් නිවසේ තබාගෙන ඒවාට වැඳුම් පිදුම් කරමින් තමා සිටි බවත් අසීමිත ආදරයක් දැක්වූ මවගේ වියෝව දරාගන්නට අපහසු නිසා එය කළ බවත්ය. සාමාන්‍යයෙන් මිනී අළු ලබාදීමක් සුසාන භූමියකින් කළත් ඇටකටු ලබානොදෙන නිසා ඒ ගැන විමසීමේදී ඉතිරිව තිබු බවට පැවසෙන සිරුරේ අස්ථි කොටස් කිහිපයක් ආදාහනාගාර සේවකයකුගෙන් විශේෂයෙන් ඉල්ලාගෙන නිවසට ගෙනැවිත් තබාගෙන සිටි බවයි. උදේ සවස ඒවාට වැඳුම් පිදුම් කළ බවත් තම බිරිය එම කටයුත්තට දැඩි විරෝධයක් පළ කළ බවත්ය.
නැවත කොළඹ රස්සාවට එද්දී මේවා ගෙන එන්නට තමා උත්සාහ කරේ නැති බව ඔහු තරයේම කියා සිටියේය. එසේ නම් මේ පාර්සල් කොයින්දැයි කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ උරණ වූ තම බිරිඳ තමා වැඩට එන විට රැගෙන ආ පාර්සලය තුළට මෙම අස්ථි කොටස් දමන්නට ඇතැයි සැකකරන බවයි. මෙම පුද්ගලයා පවසන කරුණු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂාවක් කරන්නට පොලිසිය බලාපොරොත්තුවන අතර ඔහුගේ බිරියගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බවද දන්වා ඇත. වැලිකඩ පොලිසිය විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?