මවගේ බෙල්ලට පොරව තිබ්බ පුතා මස්සිනාගේ පොලු පහරින් මරුට

වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ දී මුගුරකින් සිදුකළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා සිය මවට පොරවකින් පහරදීමට උත්සාහ කර මවගේ බෙල්ලට පොරව තැබූ අවස්ථාවේ එය දුටු එම මවගේ දියණිය විවාහ කරගෙන සිටි පුද්ගලයා මුගුරක් රැගෙන ඔහුට පහරදී ඇති බවයි වාර්තා වුණේ.

එම පහරදීමෙන් අදාළ පුද්ගලයා නිවස තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 45ක දෙදරු පියෙක් බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයා නිරන්තරයෙන් නිවසේ ජීවත් වූ අය සමඟ ආරවුල් ඇති කරගෙන ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලායාගේ මස්සිනා වන 45 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
8
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?