මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ගැන හිටපු ජනපති සිරිසේනගෙන් අධිකරණය සාක්ෂි සටහන් කරගනියි

බොරලැස්ගමුව ප්‍රදේශයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය අද (28) සාක්ෂි සටහන් කරගත්තා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ 2008 වසරේ ඔක්තෝබර් මස 10 වනදා බොරලැස්ගමුව ප්‍රදේශයේ දී එවක කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මරණයට පත් කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ විභාගයට ගැනුණු බවයි.

එම අවස්ථාවේ දී මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සාක්ෂිකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයේ පෙනී සිටියා.

ඒ අනුව නඩුවේ පළමු වන සාක්ෂිකරු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කිරීමෙන් අනතුරුව ඔහු මුදාහැරීමට නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21