මම ලංකාවට එද්දී එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන

ඇය දැන් ඇගේ කිරිකැටි බිළිඳා නළවමින් දරු සෙනෙහසින් පිරී ගිය දෑසින් යුතුව ඇති…

ගීතයක පද තුළ ගැබ්ව ඇති අර්ථ රසයෙහි මතු නොව, ගීයක ස්වර රටා තුළත්, රිද්මය තුළත් ජීවිතයේ අමරණීයම මතක රැඳෙන්නට ඉඩ තිබේ. ගීයක් ජීවිතයට බැඳෙන්නේ එසේය. සිත රැඳුණු මියුරුම ජීවිත මතක ගීයක දවටා කතිකාවකට පිවිසෙන්නේ ප්‍රවීණ නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහය. ඔහු ඒ ගීතය හා බැඳුණු ස්වකීය ජීවිත කම්පනය ගැන කතා කරන්නට ගත්තේය.

“සුනිල් සරත් පෙරේරාගේ පද රටාවෙන් හැඩගැන් වුණු, ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගේ ගැඹුරු ස්වරයෙන් ගැයෙන ‘පෙරදිනයක මා පෙම්කළ යුවතිය‘ ගීතයට ඉතාම ඈත අතීතයේදීත් මම ඇලුම් කළා. ඒ වින්දනීය ගීතයක් නිසා හැරෙන්න එදා පෞද්ගලික හේතුවක් තිබුණේ නැහැ. නමුත් මෑත කාලීනව ඒ ගීතයට ඇලුම් කරන්නට මට ජීවිතයේ අත්විඳින්නට සිදුවූ විශේෂ සිදුවීමක් හේතුපාදක වී තිබෙනවා.”

” වසර ගණනාවක දිගු ඉතිහාසයක් ඇති ප්‍රේමණීය බැඳීමක් මගේ ජීවිතේ තිබුණා. එය හුදු ප්‍රේම සම්බන්ධතාවක් ලෙස හඳුන්වනවාට වඩා විවාහය දක්වා ගමන් කිරීමේ ස්ථිර අරමුණක් ඇතිව ඇති කරගෙන සිටි බැඳීමක්.

ඒ ප්‍රේමය පවතින කාලයේ අධ්‍යාපන කටයුතු සඳහා මම ඉන්දියාවේ ශාන්ති නිකේතනය වෙත යනවා. එහි ගොස් වසර තුනක් පමණ ගතවන විට මගේ පෙම්වතිය අපේ ආදරයට නැවතීමේ තිත තබන්න තීරණය කරනවා. එයට හේතුව ලෙස මට වැටහුණේ මගේ ගමන්මඟ සහ අනාගතය පිළිබඳ ඇයට නිශ්චිත විශ්වාසයක් නොවීම.”

“ඇය ඒ පණිවුඩය මට ලබා දෙන්නේ හරියටම මගේ අවසන් විභාගය දිනයේ උදෑසන. වසර ගණනක් ආදරය කළ යුවතිය ඒ බැඳීම කඩා බිඳ දමන්න සැරසීම පෙම්වතකුගේ මුළු හදවතම බිඳ දැමීමට හේතුවක්. ඇය “තවදුරටත් මට මේ සම්බන්ධතාවය රැගෙන යන්නට බැහැ. මම මෙය නවත්වනවා.” යැයි පවසද්දී මට දැනුණේ ලෝකයම අහිමි වී ගියා වැනි හැඟීමක්. ඒ මොහොතේම මම මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්මයාට දුරකථනයෙන් අමතා පැවසුවේ සියල්ල අතහැර මම නැවතත් ලංකාවට පැමිණෙන බව. නමුත් එතුමා මගේ අදහස තරයේම ප්‍රතික්ෂේප කළා. ඉතා තදින්ම මට පැවසුවේ මා එහි ගිය කටයුත්ත අවසාන කරගෙන මිස නොපැමිණ ලෙසයි. එදා මාව නැවැත්තුවේ සහ මා විභාගයට වාඩි කෙරෙව්වේ ඔහුගේ ඒ වචන.”

“මම නැවත ලංකාවට පැමිණෙන විට මා ලංකාවෙන් යන්න පෙර නර්තන ඉදිරිපත් කරද්දි බෙර වාදනයෙන් මට සහාය වූ වෙනත් ශිල්පියෙක් සමඟ ඈ ප්‍රේමයක් ගොඩනඟාගෙන තිබුණා. පසුව ඇය ඔහු හා විවාහ වුණා. මා කෙරෙන් ඇයව බිඳවා වෙනත් ඇසුරක ඇයව රඳවන්නට තරම් අප වටා සිටි ඇතැම් මිතුරනුත් අපේ ප්‍රේමයට සහ මගේ මිත්‍රත්වයට ද්‍රෝහි වී තිබුණු වග පසුව දැන ගන්න ලැබුණා.”

“ඇගේ විවාහයෙන් පසුව මමත් විවාහ වුණා. මට බෙහෙවින්ම ප්‍රේමණීය සහ මගේ ගමනට ආශිර්වාදයක්, ශක්තියක් වන භාර්යාවක් හිමිවුණා. එසේම ඉතාම සුන්දර දියණියක් සහ පුතුන් දෙදෙනකුත් ලැබුණා. නමුත් “පෙර දිනයක මා පෙම් කළ යුවතිය” මෑතක්වන තුරුම මවක් වී සිටියේ නැහැ. ඇය ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කළත් දරුවකු නැති අඩුව ඇයට දැනෙනවා ඇතැයි මට සිතුණා. ඒ ගැන කනගාටුවකුත් මට දැනුණා.”

“ඉතාම මෑත කාලයේ දී ඇය මවක් වී ඇති බව මිතුරියක් මාර්ගයෙන් මට දැනගන්න ලැබුණා. මට ඒ පුවත ගෙන ආවේ සතුටක්. ඒ පුවතත් සමඟ කලක් මුළුල්ලේ මා ප්‍රිය කළ ‘පෙර දිනයක මා පෙම්කළ යුවතිය‘ ගීතය මට වඩාත් තියුණු ලෙස දැනෙමින් සිහියට ආවා. ඒ ගීතයට තව තවත් බැඳුණා.“ “ඒ ගී පදවැල් සමඟ මම අතීතයට ගමන් කරනවා. අද ඇය ඇගේ කුඩා පුතු තුරුලේ හොවා ගෙන නළවනවා ඇති. ඈ මගේ නර්තන රූපවාහිනි තිරය මත හෝ දකිමින් විඳිනවාත් ඇති. එදා මා ඇගේ දෑසෙන් දුටු නුරා බැලුම් වෙනුවට අද ඇගේ ඇස් මත දරු සෙනෙහසින් දයාවෙන් බරවූ බැල්මක් රැඳී ඇති.

“හිරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා”

“ඇත්තටම බොහොම දිග කාලයක් ගතවී ගිහින්. අප වියපත් වෙමින් ඉන්නවා. ඒත් විවිධ දුෂ්කරතා මැද්දේ වුණත් ප්‍රේමයෙන් ගත කළ අතීතයක් අපට තිබෙනවා. මේ ගීතයේ සෑම පදයකම මට විඳින්න දෙයක් තිබෙනවා.”

“මේ ගීතයට වගේම “ගහක මල් පිපිලා” ගීතයටත් මම එක සේ ඇලුම් කරනවා. ඒ ගීතයට මම ඇලුම් කරන්නෙ ඒ හරහා මට මගේ ආදරණීය බිරිය පිළිබඳ මතක සහ හැඟීම් දිගහැරෙන නිසා. අහිමි වූ අතීතයේ මතක අතර හිමි වූ වර්තමානයේ ආදරණීය බැඳීම් මගේ ජීවිතය වටේ සතුටු කලාලයක් එළමින් තිබෙනවා.“

“ඒ මත මම හෙටත් තුටින් රැඟුම් පාන්නට සූදානමින් සිටිනවා.”

දිල්රූ ජයසේකර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34