මම තරගයේ දී 200%ක් කණ්ඩායමට දෙනවා – කමිල් මිෂාර

2025 ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රාහීව ආරම්භ කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (13) හැකියාව ලැබුණා.

ඒ, අබුබාබි හිදී බංග්ලාදේශය සමඟ පැවති තරගය ජයගනිමින්.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රතිවාදියා බවට පත්ව සිටින බංග්ලාදේශය කඩුලු 06 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව මෙහිදී සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම ලබාදුන් ලකුණු 140ක ඉලක්කය ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දු 32ක් ඉතිරිව තිබියදී පසුකර යමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගය ජයගත්තා.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය කමිල් මිෂාර නොදැවී ලකුණු 46ක් රැස්කළ අතර, මෙහිදී තරගයේ වීරයා බවට පත්වීමට ද ඔහුට හැකියාව ලැබුණා.

මේ අතර තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක් වූ කමිල් මිෂාර පැවසුවේ නිමා වූ සිම්බාබ්වේ තරගාවලියේ දී ලැබුණු අවස්ථාව ආසියානු කුසලාන තරගාවලියේ මෙම තරගයට ඉතා හොඳ අත්දැකීමක් වූ බවයි.

සෑම තරගයකම තමන් සීයට දෙසීයක් කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන බවත්, සාර්ථක තරග අවසන් කරන්නෙකු ලෙස ඉදිරියටත් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අංක තුන පිතිකරු ලෙස පිටියට පැමිණි පසු එතෙක් පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක පැවසුවේ කුමන කරුණක් ද යන්න මාධ්‍යවේදීන් මෙහිදී කමිල්ගෙන් විමසා සිටියා.

එහිදී ඔහු පැවසුවේ, ” මට මුලින්ම කිව්වා ගිහිල්ල විකට් එකට එජස් වෙන්න කියලා, ඊට පස්සේ පැතුම් අයියත් මැදට අවට පස්සේ කිව්වා, ඔයා වෙලාව ගන්න ඔයාගේ වෙලාව අරන් සෙට්වෙලා ඉයාගේ නෝමල් ගේම් එක බැක් කරන්න කියලා.” යනුවෙන්.

මේ අතර මෙවර ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය සඳුදා හොංකොං කණ්ඩායම සමඟ ඩුබායිහිදී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?