මම තරගයේ දී 200%ක් කණ්ඩායමට දෙනවා – කමිල් මිෂාර

2025 ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රාහීව ආරම්භ කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (13) හැකියාව ලැබුණා.

ඒ, අබුබාබි හිදී බංග්ලාදේශය සමඟ පැවති තරගය ජයගනිමින්.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රතිවාදියා බවට පත්ව සිටින බංග්ලාදේශය කඩුලු 06 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව මෙහිදී සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම ලබාදුන් ලකුණු 140ක ඉලක්කය ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දු 32ක් ඉතිරිව තිබියදී පසුකර යමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගය ජයගත්තා.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය කමිල් මිෂාර නොදැවී ලකුණු 46ක් රැස්කළ අතර, මෙහිදී තරගයේ වීරයා බවට පත්වීමට ද ඔහුට හැකියාව ලැබුණා.

මේ අතර තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක් වූ කමිල් මිෂාර පැවසුවේ නිමා වූ සිම්බාබ්වේ තරගාවලියේ දී ලැබුණු අවස්ථාව ආසියානු කුසලාන තරගාවලියේ මෙම තරගයට ඉතා හොඳ අත්දැකීමක් වූ බවයි.

සෑම තරගයකම තමන් සීයට දෙසීයක් කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන බවත්, සාර්ථක තරග අවසන් කරන්නෙකු ලෙස ඉදිරියටත් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අංක තුන පිතිකරු ලෙස පිටියට පැමිණි පසු එතෙක් පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක පැවසුවේ කුමන කරුණක් ද යන්න මාධ්‍යවේදීන් මෙහිදී කමිල්ගෙන් විමසා සිටියා.

එහිදී ඔහු පැවසුවේ, ” මට මුලින්ම කිව්වා ගිහිල්ල විකට් එකට එජස් වෙන්න කියලා, ඊට පස්සේ පැතුම් අයියත් මැදට අවට පස්සේ කිව්වා, ඔයා වෙලාව ගන්න ඔයාගේ වෙලාව අරන් සෙට්වෙලා ඉයාගේ නෝමල් ගේම් එක බැක් කරන්න කියලා.” යනුවෙන්.

මේ අතර මෙවර ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය සඳුදා හොංකොං කණ්ඩායම සමඟ ඩුබායිහිදී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52