මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද – දේහය කොංග්‍රස් පක්ෂයේ මූලස්ථානයට (වීඩියෝ)

අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද (28) දිනයේ දී සියලු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය මේ වනවිට අවසන් ගෞරව සඳහා කොංග්‍රස් පක්ෂයේ මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා රාහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි ඇතුළු කොංග්‍රස් පක්ෂයේ නායකයින් විශාල පිරිසක් පක්ෂ මූලස්ථානයට පැමිණ ඇති බවයි ඉඉයුඅ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවේ 13 වැනි අගමැති සහ එරට පළමු සික් ජාතික අග්‍රාමාත්‍යවරයා වූ ආචාර්ය මන්මෝහන් සිං රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා.

ආචාර්ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද පෙරවරු 11:45 ට දිල්ලි නිගම්බෝද් ගාට් ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

2014 ලෝක් සභා මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය අතින් කොංග්‍රසය පරාජය වීමෙන් පසුදේශපාලන ජීවිතයෙන් විශ්‍රාම ගත් ආචාර්ය මන්මෝහන් සිං, 2023 අගෝස්තු මාසයේදී ඔහු සාමාජිකයෙකු වූ රාජ්‍ය සභාවේදී අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48


?