මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද – දේහය කොංග්‍රස් පක්ෂයේ මූලස්ථානයට (වීඩියෝ)

අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද (28) දිනයේ දී සියලු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය මේ වනවිට අවසන් ගෞරව සඳහා කොංග්‍රස් පක්ෂයේ මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා රාහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි ඇතුළු කොංග්‍රස් පක්ෂයේ නායකයින් විශාල පිරිසක් පක්ෂ මූලස්ථානයට පැමිණ ඇති බවයි ඉඉයුඅ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවේ 13 වැනි අගමැති සහ එරට පළමු සික් ජාතික අග්‍රාමාත්‍යවරයා වූ ආචාර්ය මන්මෝහන් සිං රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා.

ආචාර්ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද පෙරවරු 11:45 ට දිල්ලි නිගම්බෝද් ගාට් ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

2014 ලෝක් සභා මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය අතින් කොංග්‍රසය පරාජය වීමෙන් පසුදේශපාලන ජීවිතයෙන් විශ්‍රාම ගත් ආචාර්ය මන්මෝහන් සිං, 2023 අගෝස්තු මාසයේදී ඔහු සාමාජිකයෙකු වූ රාජ්‍ය සභාවේදී අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03