AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රීවරු 20ක් කඩාගෙන විමල්, වාසු, උදය විපක්ෂයට ? තීරණය මෙන්න

තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද එසේත් නොමැති නම් ආණ්ඩුවෙන් ඉවත් වනවාද යන්න සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස අවසානය වන විට තීන්දු කිරීමට ආණ්ඩුවේ කැරැලිකාර පිල නියෝජනය කරන පක්ෂ නායකයන් සැලසුම් කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

යුගදනවි විදුලි බලාගාරය ඇමෙරිකානු ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අත්තනෝමතිකව ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාම පැවැති සාකච්ඡාවලින් අනතුරුව කැරැලිකාර පිල මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට තිබේ.

මෙම කැරැලිකාර පිලේ ප්‍රධානත්වය විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් විසින් දරන අතර, ඔවුන් සමග තවත් මන්ත්‍රීවරුන් 20 දෙනකු සිටින බවද දැනගන්නට තිබේ.

ලබන 12 වැනිදා ආණ්ඩුවේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහි විවාදය අවසානයේදී බොහෝ දුරට මෙම තීන්දුව ගැනීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් කෙළින්ම විපක්ෂයට ගොස් අසුන් ගන්නවාද, එසේත් නැත්නම් ආණ්ඩුව ඇතුළේ ස්වාධීනව කටයුතු කරනවාද, එසේත් නොමැති නම් ආණ්ඩුවේ පසුපෙළට ගොස් අසුන් ගන්නවාද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් එම කණ්ඩායම අතර සාකච්ඡාවක් ආරම්භ වී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
87
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?