මන්ත්‍රීවරු 20ක් කඩාගෙන විමල්, වාසු, උදය විපක්ෂයට ? තීරණය මෙන්න

තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද එසේත් නොමැති නම් ආණ්ඩුවෙන් ඉවත් වනවාද යන්න සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස අවසානය වන විට තීන්දු කිරීමට ආණ්ඩුවේ කැරැලිකාර පිල නියෝජනය කරන පක්ෂ නායකයන් සැලසුම් කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

යුගදනවි විදුලි බලාගාරය ඇමෙරිකානු ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අත්තනෝමතිකව ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාම පැවැති සාකච්ඡාවලින් අනතුරුව කැරැලිකාර පිල මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට තිබේ.

මෙම කැරැලිකාර පිලේ ප්‍රධානත්වය විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් විසින් දරන අතර, ඔවුන් සමග තවත් මන්ත්‍රීවරුන් 20 දෙනකු සිටින බවද දැනගන්නට තිබේ.

ලබන 12 වැනිදා ආණ්ඩුවේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහි විවාදය අවසානයේදී බොහෝ දුරට මෙම තීන්දුව ගැනීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් කෙළින්ම විපක්ෂයට ගොස් අසුන් ගන්නවාද, එසේත් නැත්නම් ආණ්ඩුව ඇතුළේ ස්වාධීනව කටයුතු කරනවාද, එසේත් නොමැති නම් ආණ්ඩුවේ පසුපෙළට ගොස් අසුන් ගන්නවාද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් එම කණ්ඩායම අතර සාකච්ඡාවක් ආරම්භ වී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

  1. ආන්ඩුව යනු ජනතා නියෝජිනය. ඒත් ඔවුන්ට ජනතා අභිලාෂයන් වෙනුවෙන් කටයුතු කරන්නට බැරිනම් ඔබලා විපක්ෂයේ ස්වාධීන විය යුතයි. ඒමගින් පමනයි රට ඉස්සරහට ගෙනයන්නට පුලුවන් වෙනනේ. නැතිනම් ඔබට සිදුවෙනවා. ඔබේ රටේ අනාගතය වලදාන බැසිල් ගේ කොමිස් ආශාවට රටම පාවා දෙන්න. රටට ආදරේ නම් ආන්ඩුව විපක්ෂයේ සිට ගයිඩ් කල යුතුයි. හේතුව ආන්ඩුව ගෙන ඒමට කටයුතු කල හැමෝටම මේ ආන්ඩුව කරන පිස්සු වැඩ වල වගකීමෙන් මිදෙන්නට බෑ.

  2. රජයෙන් ඉවත් වුවාට කමක් නැහෙ . නමුත් 5 වසරවත් පාස් නැති එකෙක් ජනපති කරලා තමන් හිතන දේවල් කර ගන්න ඉඩ දෙන්න එපා; රජය තමන්ගෙ අදහස් වලට ගරු කරන්නෙ නැත්නම් . රජයෙන් ඉවත් වනවාට ජනතාව කැමතියි . විපක්ෂයෙ ඉන්නා රට කන රට කාපු මිනිස් ගාතන කරපු . නිධන් කඩපු උන් රට විකුනන උන් ජනපති කරන්න හදන්න එපා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43