මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත ළඟදීම – “මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා” ජනපති ලිපියකින් දන්වයි

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ වරප්‍රසාද පනත සංශෝධනය කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

එම පනත ද ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු ගෙන ඒමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී පැවසුවේ.

මේ අතර මන්ත්‍රීවරුන්ට ලබාදෙන රුපියල් ලක්ෂ 10ක රක්ෂණ වන්දිය යළිත් වරක් ලක්ෂ දෙක හාමාරක් දක්වා අඩු කිරීමට තීරණයක් ගෙන ඇති බව ද ජනාධිපතිවරයා පැවසුවා.

එමෙන්ම තමාට මන්ත්‍රී විශ්‍රාම වැටුප අනවශ්‍ය බව දන්වමින් අද දිනයේ ලිපියක් මඟින් දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?