ඊයේ (23) දිනයේ පාර්ලිමේන්තු සභාවාරය තුළ තමන් සිදුකළ ප්‍රකාශයක දී කතානායක භූමිකාවට සහ කතානායකවරයාට අපහාසයක් සිදුවූවා නම් එම ප්‍රකාශය ඉවත්කර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න අද (24) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
ඒ, විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
“විශේෂයෙන් ඊයේ මගේ ප්‍රකාශය තුළ දී ‘ඔබතුමා කට වහගන්න’ යන ප්‍රකාශය තුළ කතානායක ධුරයට සහ එම භූමිකාවට යම්කිසි අපහාසයක් සිදුවුණා නම් මම එය ඉවත්කර ගන්නවා කියන එක මේ වෙලාවේ ප්‍රකාශ කරනවා.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
23
+1
3
+1
2
+1
+1
3





