AFC Banner
AFC Banner
Empty Ad

මන්ත්‍රී දොළවත්තගෙන් රහස් පොලීසියට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොළවත්ත අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ජනාධිපතිවරණයෙන් පසුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ සමාජකයෙක් යැයි පවසන පුද්ගලයෙක් සිදුකරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.

ජාතික ජන බලවේගයට සහාය දක්වන අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුව නම් සංවිධානයක් පැවැත් වූ දේශපාලන රැස්වීමක් අවසානයේ මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවයි මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොළවත්ත සඳහන් කළේ.

1977 වර්ෂයට පසුව මෙරට පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අසා තිබුණත් 1994 වසරෙන් පසුව එම සංස්කෘතිය අවසන් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පසුගිය කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදීව සුමට ආකාරයෙන් බල හුවමාරුව සිදුවූ බව සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ ලාංඡනය සහිත ටී ෂර්ට් ඇඳ “අපි ජාතික ජන බලවේගයේ සාමාජිකයෝ. අපි බලයට ආවම සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු දෙනාට පහර දෙනවා” යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර, එම ප්‍රකාශය සමාජ මාධ්‍යයට මුදාහැරීම ප්‍රචණ්ඩත්වය මුදාහැරීමක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙවැනි ප්‍රකාශ තුළින් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හරහා රට ලේ විලක් බවට පත්වීමේ අවදානමක් පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිල්ල ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
20
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?