මන්ත්‍රී ජයන්ත කැටගොඩගේ පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂ පෙත්සම් ගැන අධිකරණ නියෝගයක්

පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන් නැවත කැඳවීමට පළාත් පාලන අමාත්‍යවරයාට බලතල හිමිවන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව ගොනු කර ඇති පෙත්සම් 16ක් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබෙනවා.

පැෆ්රල් සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුලු පාර්ශව කිහිපයක් විසිනුයි මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ.

ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ, අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.

විෂය භාර අමාත්‍යවරයාට හිටපු පළාත් පාලන නියෝජිතයන් පළාත් පාලන ආයතනවලට නැවත කැඳවීමට ලැබෙන එකී පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය මහජනතාවගේ ඡන්දය කොල්ල කෑමක් වන බවත් එමෙන්ම එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල හානියක් වන බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙන්වාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?