මන්ත්‍රී ජයන්ත කැටගොඩගේ පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂ පෙත්සම් ගැන අධිකරණ නියෝගයක්

පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන් නැවත කැඳවීමට පළාත් පාලන අමාත්‍යවරයාට බලතල හිමිවන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව ගොනු කර ඇති පෙත්සම් 16ක් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබෙනවා.

පැෆ්රල් සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුලු පාර්ශව කිහිපයක් විසිනුයි මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ.

ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ, අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.

විෂය භාර අමාත්‍යවරයාට හිටපු පළාත් පාලන නියෝජිතයන් පළාත් පාලන ආයතනවලට නැවත කැඳවීමට ලැබෙන එකී පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය මහජනතාවගේ ඡන්දය කොල්ල කෑමක් වන බවත් එමෙන්ම එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල හානියක් වන බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙන්වාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13
Video thumbnail
සංවර්ධන නිලධාරින්ගෙන් ආණ්ඩුවට රතු එළි - රටපුරා විරෝධතාවේ යනවා..දැවැන්ත සටනකට මුහුණ දෙන්න වෙනවා
02:23
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති රනිල්ව බේරාගන්න හදන්නේ
10:17
Video thumbnail
විදුලිසැර වැ#දී සුනඛයින් සිව් දෙනෙක් එළොව යයි - "5 Star කියලා සතෙක්ට පාරේ ඉන්න බෑ"
02:58
Video thumbnail
හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි
01:47
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය කුඩුපට්ටම් කරලා රට ඒකාධිපති තැනකට තල්ලු කරනවා
19:26
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම
00:24
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52