AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රීවරියට පහර දුන් සභාපතිට විරුද්ධව කාන්තාවන් පෙරට එයි

මහරගම නගර සභාවේ අද පැවති මාසික සභා රැස්වීම අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ, අද උදෑසන ප්‍රදේශවාසින් පිරිසක් නගර සභා භූමිය තුළට පැමිණ සභාපතිවරයාට විරෝධය පළකිරීමත් සමගයි.

ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට පොලීසිය පවා කැඳවීමට නගර සභා ලේකම්වරයා පියවර ගෙන තිබුණා.

මෙලෙස උණුසුම් තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන හේතුව වුයේ පසුගියදා කාන්ති කොඩිකාර මන්ත්‍රීවරියට මහරගම සභාවේ සභාපතිවරයා පහරදුන් බව කියන සිද්ධියක් බව සඳහන්.

ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක් පවත්වා තිබූ අතර පසුව පිරිස සභා ගර්භයට ඇතුළුවීමට උත්සාහ දරා තිබේ.

එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා මහරගම පොලිසියේ නිලධාරින් නගර සභා පරිශ්‍රයට කැඳවීමට ලේකම්වරයා පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් සභාවේ කටයුතු පැයකට ආසන්න කාලයක් නතර කිරීමට ද සිදුවූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?