මන්ත්‍රීවරියට පහර දුන් සභාපතිට විරුද්ධව කාන්තාවන් පෙරට එයි

මහරගම නගර සභාවේ අද පැවති මාසික සභා රැස්වීම අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ, අද උදෑසන ප්‍රදේශවාසින් පිරිසක් නගර සභා භූමිය තුළට පැමිණ සභාපතිවරයාට විරෝධය පළකිරීමත් සමගයි.

ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට පොලීසිය පවා කැඳවීමට නගර සභා ලේකම්වරයා පියවර ගෙන තිබුණා.

මෙලෙස උණුසුම් තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන හේතුව වුයේ පසුගියදා කාන්ති කොඩිකාර මන්ත්‍රීවරියට මහරගම සභාවේ සභාපතිවරයා පහරදුන් බව කියන සිද්ධියක් බව සඳහන්.

ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක් පවත්වා තිබූ අතර පසුව පිරිස සභා ගර්භයට ඇතුළුවීමට උත්සාහ දරා තිබේ.

එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා මහරගම පොලිසියේ නිලධාරින් නගර සභා පරිශ්‍රයට කැඳවීමට ලේකම්වරයා පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් සභාවේ කටයුතු පැයකට ආසන්න කාලයක් නතර කිරීමට ද සිදුවූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36