මත් රකුසාගෙන් බේරෙන්න කැමති අයට අලුත් එකක් (වීඩියෝ)

මෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ඉන් මුදවා ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් තවමත් ක්‍රියාත්මක වන්නේ නැහැ.

ඔවුන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලියක් මේ වන විට ප්‍රශ්න සහගත තත්ත්වයකට පත්ව ඇති මොහොතේ පුනරුත්ථාපනයට ස්වෙච්ඡාවෙන් යොමුවූවන් සඳහා නව ප්‍රවේශයක් ලබාදී තිබෙනවා.

ඒ විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ භාවිතය වැලැක්වීම සඳහාවන කාර්ය සාධක බලකාය විසින්.

ඒ අනුව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඉන් මිදීම සදහා ඉදිරිපත් වන පුද්ගලයන් වෙනුවෙන් විශේෂ දුරතකන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

1927 නම් එම ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ප්‍රතිකාර සහ උපදේශනය ස්වේචාවෙන් ලබා ගැනීමට හැකියි.

මේ සේවාව යටතේ අනන්‍යතාව සුරක්ෂිත වන ලෙස අදාළ උපදේශනය ලබා ගැනීමට හැකි වීමද විශේෂත්වයක්.

එම දුරකථන අංකය ඇමතීමෙන් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවුවන්ගේ පවුල්වල ඥාතින් සඳහාද තොරතුරු ලබා ගත හැකියි.

මේ අතර දීර්ඝ කලක පටන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12, මිලි ග්‍රැම් 300 ක් ද පොලිස් භාරයට ගැණුනා.

මීට අමතරව ජාවාරමෙන් උපයාගත් රුපියල් පහළොස් දහසක මුදලක්ද ජංගම දුරකථන 02 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදු කළ පොලිස් මෙහෙයුම් වලින් සැකකරුවන් 818 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 554දෙනෙකු සහ අපරාධ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 264 ක් එම පිරිසට අයත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08