මත් ජාවාරම්කරුවන් පහකට මහාධිකරණය දුන් මරණ දඬුවම අභියාචනාධිකරණය ස්ථිර කරයි

ශ්‍රී ලංකාවේ මහාධිකරණ ඉතිහාසයේ හෙරොයින් කිලෝ 152යි ග්‍රෑම් 341ක් ජවාරම් කීරිම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබාදුන් ප්‍රථම නඩු තීන්දුව අභියාචනාධිකරණය විසින් ස්ථිර කර තිබෙනවා.

ඒ, අනුව හෙරොයින් කිලෝ 152යි ග්‍රැම් 341 ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම ඇතුළු චෝදනා තුනකට කොළඹ මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබු පුද්ගලයන් පස්දෙනෙකු ඉදිරිපත් කළ අභියාචනා⁣ පෙත්සම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය මහාධිකරණය දුන් තීන්දුව අද (21) ස්ථිර කළා.

ධීවර යත්‍රාවකින් එකී මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරමින් සිටියදී මාස ගණනාවක් පුරා සිදු කළ බුද්ධි විමර්ශනයකින් අනතුරුව නාවික හමුදා විසින් ගාල්ලට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී හෙරොයින් කිලෝ 224ක ප්‍රමාණයක් සමඟ එම විත්තිකරුවන් පස්දෙනා 2019 දී අත්අඩංගුවට ගෙන තිබුණා.

එකී මත්ද්‍රව්‍ය තොගයේ ශුද්ධ මත්ද්‍රව්‍ය කිලෝ 152 කට අධික ප්‍රමාණයක් ඇති බවට රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා වලින් අනාවරණය වූ බැවින් නීතිපතිවරයා විසින් 2021 වසරේදී එම විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව නඩු පවරනු ලැබුවා.

නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා සාක්ෂි විභාගය කැඳවිමෙන් අනතුරුව එකී චෝදනා තුනටම විත්තිකරුවන් සියලුදෙනා වරදකරුවන් බවට නිගමනය කර 2023/09/27 දින මරණ දඬුවම නියම කළා.

එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී රජයේ අධිනීතිඥ විශ්ව විජේසුරිය සමඟ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතිඥ ෂනිල් කුලරත්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලු අභියාචනාධිකරණය මහාධිකරණ විනිසුරුවරයා ලබා දුන් තීන්දුව ස්ථිර කරමින් අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අභියාචනාධිකරණ විනිසුරු පී.කුමාරරත්නම් මහතාගේ එකඟතාවය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා විසින් රම තීන්දුව අද (21) නිකුත් කරනු ලැබුවා.

එම විත්තිකරුවන් පස්දෙනා ධීවර රැකියාව කරන මුවාවෙන් දිර්ඝ කාලයක් පුරා මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ෂනිල් කුලරත්න අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

W.රෝහන ප්‍රනාන්දු, ආර්.ඒ.ඇන්ටන් නිෂාන්ත, දුලාජ් රවිඳු, එල්. සුරංග, w.ජයමාල් යන විත්තිකරුවන් හට එලෙස මරණ දඬුවම නියම කෙරුණා.

මහාධිකරණ විසින් ලබා දුන් වැඩිම හෙරොයින් ප්‍රමාණයක් සහිත ප්‍රථම නඩුව ද මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
1
+1
13
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?