මත් ජාවාරම්කරුවන් පහකට මහාධිකරණය දුන් මරණ දඬුවම අභියාචනාධිකරණය ස්ථිර කරයි

ශ්‍රී ලංකාවේ මහාධිකරණ ඉතිහාසයේ හෙරොයින් කිලෝ 152යි ග්‍රෑම් 341ක් ජවාරම් කීරිම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබාදුන් ප්‍රථම නඩු තීන්දුව අභියාචනාධිකරණය විසින් ස්ථිර කර තිබෙනවා.

ඒ, අනුව හෙරොයින් කිලෝ 152යි ග්‍රැම් 341 ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම ඇතුළු චෝදනා තුනකට කොළඹ මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබු පුද්ගලයන් පස්දෙනෙකු ඉදිරිපත් කළ අභියාචනා⁣ පෙත්සම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය මහාධිකරණය දුන් තීන්දුව අද (21) ස්ථිර කළා.

ධීවර යත්‍රාවකින් එකී මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරමින් සිටියදී මාස ගණනාවක් පුරා සිදු කළ බුද්ධි විමර්ශනයකින් අනතුරුව නාවික හමුදා විසින් ගාල්ලට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී හෙරොයින් කිලෝ 224ක ප්‍රමාණයක් සමඟ එම විත්තිකරුවන් පස්දෙනා 2019 දී අත්අඩංගුවට ගෙන තිබුණා.

එකී මත්ද්‍රව්‍ය තොගයේ ශුද්ධ මත්ද්‍රව්‍ය කිලෝ 152 කට අධික ප්‍රමාණයක් ඇති බවට රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා වලින් අනාවරණය වූ බැවින් නීතිපතිවරයා විසින් 2021 වසරේදී එම විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව නඩු පවරනු ලැබුවා.

නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා සාක්ෂි විභාගය කැඳවිමෙන් අනතුරුව එකී චෝදනා තුනටම විත්තිකරුවන් සියලුදෙනා වරදකරුවන් බවට නිගමනය කර 2023/09/27 දින මරණ දඬුවම නියම කළා.

එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී රජයේ අධිනීතිඥ විශ්ව විජේසුරිය සමඟ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතිඥ ෂනිල් කුලරත්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලු අභියාචනාධිකරණය මහාධිකරණ විනිසුරුවරයා ලබා දුන් තීන්දුව ස්ථිර කරමින් අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අභියාචනාධිකරණ විනිසුරු පී.කුමාරරත්නම් මහතාගේ එකඟතාවය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා විසින් රම තීන්දුව අද (21) නිකුත් කරනු ලැබුවා.

එම විත්තිකරුවන් පස්දෙනා ධීවර රැකියාව කරන මුවාවෙන් දිර්ඝ කාලයක් පුරා මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ෂනිල් කුලරත්න අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

W.රෝහන ප්‍රනාන්දු, ආර්.ඒ.ඇන්ටන් නිෂාන්ත, දුලාජ් රවිඳු, එල්. සුරංග, w.ජයමාල් යන විත්තිකරුවන් හට එලෙස මරණ දඬුවම නියම කෙරුණා.

මහාධිකරණ විසින් ලබා දුන් වැඩිම හෙරොයින් ප්‍රමාණයක් සහිත ප්‍රථම නඩුව ද මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30