මත්ලෝලීන් පුනරුත්ථාපනය කරන නීති විරෝධී ස්ථානයක් වටලයි

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මුවාවෙන් නීති විරෝධීව මොරටුමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

අදාළ  නීති විරෝධී පුනරුත්ථාපන මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල තුළ සිරමැදිරි ආකාරයෙන් සකසන කාමර කීපයක් ද දක්නට තිබූ යි පොලිසිය පැවසුවේ.

එම මධ්‍යස්ථානය වටලන අවස්ථාවේ දී ප්‍රතිකාර සඳහා එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයන් කිහිප දෙනෙක් ද සිට තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන සුඛෝපභෝගී මධ්‍යස්ථානයක් ලෙස මුහුණු පොතේ දැන්වීම් පළකර මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවටයි.

එහි පුනරුත්ථාපනය වන අයෙකු සඳහා විශාල මුදලක් අය කරන බවත්, අහාර පාන සඳහා වෙනම මුදල් ගෙවීමට සිදුවන බවත් අදාළ දැන්වීම්වල දක්වා තිබෙනවා.

මෙම ස්ථානයට පැමිණෙන පුද්ගලයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අවම වශයෙන් වෛද්‍යවරයෙක් හෝ නොමැතිව එය පවත්වාගෙන ගොස් ඇති අතර, පොලීසය පැවසුවේ මෙම ස්ථානය ඉතා අපිරිසුදු තත්ත්වයේ පවතී බවයි.

එමෙන්ම මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් හෝ අන්තරාදායක ඖෂධ අධිකාරියෙන් බලපත්‍ර ද ලබාගෙන නිමති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21