මත්පැන් බොමින් අතගෑ ගිනිඅවිය පත්තු වී රෝහලේ

මත්පැන් පානයකරමින් සිටි මිතුරන් පිරිසක් විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් පරීක්ෂා කරමින් සිටියදී එය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් එම පිරිසෙන්එක් අයෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේන බව පොලිසිය කියයි.

මෙම වෙඩි වැදීම සිදුව ඇත්තේ බෙන්තොට ඇල්පිටිය මැතිවරණ බල ප්‍රදේශයේ ඌරගස්මංහංදිය කොරකීන ප්‍රදේශයේදීය.

වෙඩි වැදුණු පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලටමාරුකර යවා තිබේ.

දිල්ෂික ඉරෝෂන් නමැති 27 වියැති අවිවාහක අයකුට මෙසේ වෙඩි වැදී ඇති බව පොලීසිය කියයි.

මිතුරන් සමග මත්පැන් පානය කරමින් සිටියදී ඔහු ස්ථානයෙන් නැගිට ඒ ආසන්නයට ගොස් සිටියදී තමාට කිසියම් අයෙක් වෙඩි තැබූ බව වෙඩි වැදුණු තරුණයා පොලීසියට පවසා තිබේ.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මත්පැන් පානයට පැමිණි ඔහුගේ මිතුරෙක් විසින් එම අවිය රැගෙන විත් පරීක්ෂාකරමින් සිටියදී වෙඩි වැදීමකට ලක්ව ඇති බවය. එම ගිනි අවියපොලීසිය විසින් සොයා ගැනීමට සමත්ව ඇතැයි ඇල්පිටිය කොට්ඨාසය ජේෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?