මත්ද්‍රව්‍ය යෙදු මුද්දර 1,100ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය යොදා සකස් කරන ලද මුද්දර 1,100ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මුද්දරවල තැවරු මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 55 පමණ වන බවට ගණන් බලා තිබේ.

35 හැවිරිදි සැකකරු කොට්ටාව ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකු සමඟ එක්ව විදේශ රටකින් ගෙන්වන ලද අදාළ මත්ද්‍රව්‍ය සහිත මුද්දර තොගය අලෙවි කිරීමට සුදානම් කර තිබු බව පොලිස් විශේෂ කාර්යය බළකාය පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?