AFC Banner
AFC Banner
Empty Ad

මත්ද්‍රව්‍ය සහ පාතාලය මඩින මෙහෙයුම් අද සිට

සංවිධානාත්මක පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද ආරම්භ කෙරෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අවධාරණය කළේ ලබන 23 වනදා දක්වා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි.

අද අලුයම සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ විශේෂ මෙහෙයුම පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළා.

ඔහු සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට අවධාරණය කළේ මීළඟ පාසල් වාරය ආරම්භ වන විට මත්ද්‍රව්‍ය, මත්පෙති හෝ අයිස් අලෙවි කරන කිසිදු අයෙකු පාසල් අසල සිටීමට අවස්ථාව ලබා නොදිය යුතු බවයි.

එලෙස කටයුතු කිරීමට අපොහොසත්වන පොලිස් ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් තමාට තීරණයක් ගැනීමට සිදුවන බවයි වැඩබලන පොලිස්පතිවරයා කියාසිටියේ.

මහජනතාව පොලිසිය සමග අත්වැල් බැඳගෙන කටයුතු කරන්නේ නම් මත්ද්‍රව්‍ය උවදුර සහමුලින්ම තුරන් කිරීමට හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විවිධ හේතුන් මත සිවිල් ප්‍රජාව පොලිසියෙන් ඈත් වී ඇති අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමට පෙර ජනතාව තම ජීවිතයට එල්ලවන අවදානම පිළිබඳ සිතා බැලීම ඊට හේතුව බව වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

එම අවිශ්වාසයට විශ්වාසනීයත්වයක් ඇති කර නොගත හොත් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම පහසු නොවන බවයි දේශබන්දු තෙන්නකෝන් මහතා කියාසිටියේ.

තම ග්‍රාම සේවක වසමේ ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේ වගකීම ප්‍රජා පොලිස් කමිටුවලට පැවරෙන බව ද ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ ඇති පොලිස් ස්ථාන 607කින් පාතාල ක්‍රියාකාරකම් වාර්තා වී ඇත්තේ 43ක පමණක් වන අතර එය ප්‍රතිශතයක් ලෙසට සලකා බැලීමේදී සියයට 7ක පමණ ප්‍රමාණයක්.

එය නැති කර දැමීම අපහසු කාර්යයක් නොවන බවයි වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේ.

පසුගියදා අත්අඩංගුවට ගත් ගනේමුල්ල සංජීව නම් පාතාල සාමාජිකයාගෙන් ලබාගත් තොරතුරු මත ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අපරාධකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට අවශ්‍ය නීතිමය කටයුතු මේවන විට සිදුවෙමින් පවතින බව ද ඔහු සඳහන් කළා.

මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් 1091 දෙනෙකුගේ සියලුම වත්කම් ඉදිරි මාස 3ක කාලයක් ඇතුලත නීතිමය පියවර ගැනීමෙන් පසුව නීති විරෝධී වත්කම් රැස් කිරීම යටතේ රාජසන්තක කිරීම තම අරමුණ බවයි වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේ.

මෙම අපරාධකරුවන් 1091 දෙනාට ජනවාරි මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ කිසිදු ගුවන්තොටුපොළකින් වංචනික විදේශ ගමන් බලපත්‍ර යොදා ගනිමින් හෝ පිටවීමට හැකියාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කළා.

ඒ වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි ඔහු කියාසිටියේ.

විවිධ ආගමික කටයුතුවලට දාන මානාදියට දායක වෙමින් සිටින පුද්ගලයන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන බවට ජනතාවගෙන් චෝදනා එල්ලවන අතර ආදායමක් උපයන ක්‍රමයක් නොමැතිව ධනවතුන් වූ බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව ඔහු ප්‍රකාශ කළා.

එම සියලුදෙනා පිළිබඳ විමර්ශණ ආරම්භ වන අතර ඔවුන් සියලුදෙනාගේ දේපළ නීතිමය පියවරවලින් අනතුරුව රාජසන්තක කෙරෙන බව දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය පාතාලය තුරන් කිරීමේ මෙහෙයුම්වල නිරතවන අතර දකුණු පළාතේ පාතාලය තුරන් කිරීම වෙනුවෙන් ජනතාවගෙන් තොරතුරු ලැබෙන්නේ නම් ඉතා කෙටි කාලයක් තුල එම අභියෝගය ජය ගත හැකි බව ඔහු ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා දිවයින පුරා සිදු කෙරෙන මෙම විශේෂ මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩිව පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

එමෙන්ම අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් පොලිසියට දැනුම්දෙන ලෙසයි.

“අපි මේ මෙහෙයුම් ඉතා තදින් ක්‍රියාත්මක කරනවා. ඉහළ පෙළේ අය මොනවා කීවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට මම ඉඩ දෙන්නේ නැහැ. මම පොලිසියට දීලා තියෙන්නේ ජුනි 30 වෙනකම් විතරයි. ජූනි 30 වැනිදා වනවිට මේ රටේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සම්පූර්ණ වෙනසක් සිදු විය යුතුයි”

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා එල්ල විය හැකි ප්‍රහාරවලින් තම වැඩපිළිවෙල නතර නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?