මත්ද්‍රව්‍ය මර්දනය රජයේ ප්‍රමුඛ සහ හදිසි වගකීමක් – අගමැතිනිය

නීතිමය රාමුවට පමණක් සීමා නොවී ළමා හා තරුණ සිත් තුළ මනෝභාවමය සහ ආකල්පමය වශයෙන් යහපත් වෙනසක් ඇති කිරීම මඟින් මත්ද්‍රව්‍ය උවදුර ජයගත යුතු ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව ඒ කෙරෙහි විශේෂ වශයෙන් උත්සාහ දැරීමේ ජාතික වගකීමක් පවතින බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියා.

2024 – සමස්ත ලංකා චිත්‍ර හා සජීවිකරණ වීඩියෝ තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (29) කොළඹ දී එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ, නව රජයේ වැඩපිළිවෙළ අනුව මත්ද්‍රව්‍ය මර්දනය ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් ලෙස සලකන බවයි.

දේශීය ආර්ථික හා සමාජ අර්බුද ඇති කරමින් රටේ අනාගතය අඳුරු කිරීම කෙරෙහි දරුණු බලපෑම් ඇති කරනු ලබන ජාතික හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතාව අඛණ්ඩ ව පවත්වාගෙන යා යුතු බවත් ඇය මෙහි දී අවධාරණය කර සිටියා.

ඒ සඳහා නාවික හමුදාව සහ අනෙකුත් ආරක්ෂක අංශ විසින් කරනු ලබන සේවය ඇගයීමට ලක් කළ ඇය, මත්ද්‍රව්‍ය කෙරෙහි ඇති ආකර්ෂණය පිටු දැකීමේ හා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක කාලීන අවශ්‍යතාව ද පෙන්වා දුන්නා.

දරුවන්ට මත්ද්‍රව්‍ය අවදානම ගැන දැනුම් දීමෙන් එහා ගොස් ඒ ඔස්සේ ඔවුන්ගේ නිර්මාණශීලී කුසලතා ඉස්මතු කරගැනීමට අවකාශ සැලසීම මඟින් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ඔවුන්ට ආධාර කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහි දී ප්‍රකාශ කළා.

මෙම තරගාවලිය සඳහා චිත්‍ර හා වී‍ඩියෝපට ඉදිරිපත් කළ නිර්මාණශීලී දරුවන් ඇගයීමට ලක් කළ ඇය, එම නිර්මාණ කෙරෙන් මත්ද්‍රව්‍ය උවදුර නිසා සමාජය හා දරුවන් ඇතුළු ප්‍රජාව මුහුණ දී ඇති අභියෝග හා ඊට විසඳුම් සෙවීම සඳහා ඔවුන් තුළ ඇති හැකියාව ද විදහා දැක්වෙන බවත් පැවසුවා.

මෙම වැඩසටහන නව දිශානතියක් පෙන්වන ගමනක ආරම්භයක් බවත් සියලු පාර්ශ්වයන් එක් ව ක්‍රියා කිරීමෙන් මත් උවදුර ජයගත යුතුව ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?