spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය පාලනයට වගකීම් දරන ආයතන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක්

මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සදහා මූලික පියවර ලෙස ඒ සම්බන්ධයෙන් රටේ වත්මන් තත්වය නිසිලෙස අවබෝධ කර ගැනීම වැදගත් බැවින් අදාළ සියලු පාර්ශව ගෙන්වා සාකච්ඡා කිරීමට “රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී” තීරණය වී තිබෙනවා.

එම කාරක සභාවේ පළමු රැස්වීම කාරක සභාවේ සභාපති අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය යන ආයතන කාරකා සභාව ඉදිරියේ කැඳවා මේ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පවත්වා පවතින තත්වය හඳුනා ගැනීමට අවශ්‍ය බවයි කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ.

ඒ අනුව අදාළ ආයතන ලබන අගෝස්තු 10 වැනි දින කාරක සභාව හමුවට කැඳවීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

ඊට අමතරව, මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා වන උපායමාර්ගික සැලැස්මක් සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආයතන අතර සම්බන්ධීකරණයක් ඇතිකිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?