මත්ද්‍රව්‍ය පාලනයට වගකීම් දරන ආයතන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක්

මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සදහා මූලික පියවර ලෙස ඒ සම්බන්ධයෙන් රටේ වත්මන් තත්වය නිසිලෙස අවබෝධ කර ගැනීම වැදගත් බැවින් අදාළ සියලු පාර්ශව ගෙන්වා සාකච්ඡා කිරීමට “රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී” තීරණය වී තිබෙනවා.

එම කාරක සභාවේ පළමු රැස්වීම කාරක සභාවේ සභාපති අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය යන ආයතන කාරකා සභාව ඉදිරියේ කැඳවා මේ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පවත්වා පවතින තත්වය හඳුනා ගැනීමට අවශ්‍ය බවයි කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ.

ඒ අනුව අදාළ ආයතන ලබන අගෝස්තු 10 වැනි දින කාරක සභාව හමුවට කැඳවීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

ඊට අමතරව, මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා වන උපායමාර්ගික සැලැස්මක් සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආයතන අතර සම්බන්ධීකරණයක් ඇතිකිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57