මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 7ක් අත්අඩංගුවට

අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 7 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාරාහේන්පිට වෘත්තිය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකු ලෙසට සේවය කළ 41 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ.

ඔහු හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් ඇතුලු නිලධාරීන් 7 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජනවාරි මස 10 වනදා හෙරොයින් ග්‍රෑම් 15ක් සමගින් මෙම පුද්ගලයා නාරාහේන්පිට ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇති වූ කලහකාරී තත්වයකදී පොලිසිය එය පාලනය කිරීමට යාමේදී ඇති වූ සිද්ධියකින් පසු එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර එහිදීයි මියගොස් තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයකින් පසු අදාළ නිලධාරීන් 7 දෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21