AFC Banner
AFC Banner
Empty Ad

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසකට වෙඩි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන නිවසකට අද (18) අලුයම වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සිදුවීම හෝමාගම – පනාගොඩ රණවිරුගම ප්‍රදේශයේ දි සිදු ව ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් එම උණ්ඩ කොපු දෙකක් සහ ජීව උණ්ඩයක් අදාළ නිවස ඉදිරිපිට මාර්ගයේ වැටී තිබිය දී හමු වූ බව ද පොලීසිය පැවසුවා.

විදෙස්ගතව සිටින ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අදාළ නිවසෙහි හිමිකරු විසින් තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගෙන් මත්ද්‍රව්‍ය මිල දී ගැනීම මෙම වෙඩි තැබීමට හේතුව බවටයි සැක කරන්නේ.

වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට හානි සිදු ව නැහැ.

නිවසේ බිත්තියකට සහ ජනේලයකට වෙඩි පහර දෙකක් එල්ල වී තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?