මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසකට වෙඩි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන නිවසකට අද (18) අලුයම වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සිදුවීම හෝමාගම – පනාගොඩ රණවිරුගම ප්‍රදේශයේ දි සිදු ව ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් එම උණ්ඩ කොපු දෙකක් සහ ජීව උණ්ඩයක් අදාළ නිවස ඉදිරිපිට මාර්ගයේ වැටී තිබිය දී හමු වූ බව ද පොලීසිය පැවසුවා.

විදෙස්ගතව සිටින ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අදාළ නිවසෙහි හිමිකරු විසින් තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගෙන් මත්ද්‍රව්‍ය මිල දී ගැනීම මෙම වෙඩි තැබීමට හේතුව බවටයි සැක කරන්නේ.

වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට හානි සිදු ව නැහැ.

නිවසේ බිත්තියකට සහ ජනේලයකට වෙඩි පහර දෙකක් එල්ල වී තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58