මත්ද්‍රව්‍ය අලෙවියෙන් මිලදී ගත් බවට සැක, කෝටි 02ක දේපල ක්‍රියා විරහිත කරයි

පොලිස්පතිතුමාට ලද තොරතුරකට අනුව පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් ඔහුගේ සහෝදරයාගේ නමින් මිලදී ගෙන ඇති බවට සැලකෙන දේපලක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව එම විමර්ශනයේ දී මෙම සංවිධානාත්මක අපරාධකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇතැයි සැලකෙන මහබෙල්ලන, අළුබෝමුල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 02 ක් පමණ වටිනා පර්වස් 21 ක් පමණ වන නිවසක් සහිත ඉඩමක්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව අද (06) දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ චෝදනාවලට කොට්ටහච්චි තිත තියයි
09:52
Video thumbnail
ජනතාව ඇපයට තියලා රට වට්ටන්න අපි සූදානම් නෑ
04:57
Video thumbnail
යුද්ධය ගැන හිටපු ජනපති මහින්ද කිව්ව දේ..අපේ වරායන්වල ඉඩ දුන්නම කොහෙන් හරි කන්න වෙනවා
01:53
Video thumbnail
අමරිකානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්..ඉරානය නෞකාවට ප#ර දීම හෙළා දකිනවා
01:30
Video thumbnail
ගුරුනගර්වල බෝටුවක් පෙ#ළීමෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි..මෙන්න නවතම දර්ශන
01:27
Video thumbnail
"ජාත්‍යන්තර යුද තත්ත්වය අපි නිර්මාණය කරපු එකක් නෙවෙයි"..විපක්ෂයේ සෙට් එකට ටිල්වින්ගෙන් සැර සත්තමක්
09:13
Video thumbnail
සජිත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
13:17
Video thumbnail
චාමර පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..දෙවෙනි නැවත් අපිට බෝලේ පාස් කළා..කෙ#නකන් කවුරුත් දන්නේ නෑ
03:50
Video thumbnail
හදිසි නීතිය තවත් දීර්ඝ කිරීමට හේතු කියන අරුණ ජයසේකර
04:37
Video thumbnail
මිහින්තලේ හිමි ට්‍රම්ෆ්ගෙන් ගේම ඉල්ලයි? ඇයි බයද?අම්මා අප්පාගේ රටවල් නෙවෙයිනේ
04:34