මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයට අවස්ථාවක්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමට හා කාන්තා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

පුනරුත්ථාපන කාර්යාංශ දිස්ත්‍රික් පුනරුත්ථාපන මධ්‍යස්ථාන සැලසුම පිළිබඳව සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ (11) අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

පුනරුත්ථාපන කාර්යාංශ දිස්ත්‍රික් පුනරුත්ථාපන මධ්‍යස්ථාන සැලසුම පිළිබඳ ව හා ඒ සඳහා විසඳුමක් ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීම සඳහා නේවාසික මධ්‍යස්ථාන 4ක් ස්ථාපිත කිරීම පිළිබඳ ව අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

පුනරුත්ථාපනය වන පුද්ගලයින්ට පහසුවෙන් යොමු විය හැකි පරිදි එම නව මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත්, එහි පළමු මධ්‍යස්ථානය වැලිකන්ද සේනපුර වෘත්තිය පුහුණු හා සාක්ෂරතා මධ්‍යස්ථානය තුළ පිහිටුවීමටත්, සුදුසු ප්‍රදේශ තෝරා ගැනීමෙන් පසුව සෙසු මධ්‍යස්ථාන පිහිටුවීමටත් මෙහිදී තීරණය කෙරුණා.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබඳ ව ද මෙහිදී සාකච්ඡා පැවැත්වුණු බවයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10