මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ප්‍රතිකාර හා පුනරුත්ථාපන කිරීමට නව ගොඩනැගිල්ලක්

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් සඳහා නේවාසික හා නේවාසික නොවන ප්‍රජා පාදක ආකෘතීන් යටතේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ යටතේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මතුව ඇති ආබාධ සහිත අවුරුදු 21ට වඩා අඩු ළමුන් සහ තරුණ පුද්ගලයින් සදහා වෙන් වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මාම්පිටිය වත්ත, හන්දෙස්ස, පේරාදෙණිය යන ස්ථානයේ පවත්වාගෙන යනු ලබනවා.

එම වයස් කාණ්ඩයට අයත් පුද්ගලයින්ගේ මනෝ – සමාජීය ලක්ෂණ සහ මත්ද්‍රව්‍ය භාවිතය ආශ්‍රිත ඔවුන්ගේ චර්යාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ප්‍රතිකාර කිරීමේ දී අදාළ පුද්ගලයන් සඳහා වෙන් වූ ප්‍රතිකාර සේවාවන් හා වෙන් වූ ප්‍රමාණවත් ඉඩපහසුකම් අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇති.

දැනට අදාළ මධ්‍යස්ථානයේ නේවාසික ධාරිතාව පවතින්නේ පුද්ගලයින් 35 දෙනෙකුට පමණක් වන බැවින්, පොරොත්තු ලේඛන පවත්වාගෙන යමින් ඇතුළත් කර ගැනීම් කිරීමට සිදු ව තිබෙනවා.

එබැවින්, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ ළමුන් සහ තරුණ පුද්ගලයින් සඳහා ප්‍රතිකාර අවස්ථාවන් පුළුල් හා කඩිනම් කිරීමට හැකි වන පරිදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 110ක් වැය කර පේරාදෙණිය ප්‍රතිකාර මධ්‍යස්ථාන පරිශ්‍රයේ නව නේවාසික ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?