මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ප්‍රතිකාර හා පුනරුත්ථාපන කිරීමට නව ගොඩනැගිල්ලක්

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් සඳහා නේවාසික හා නේවාසික නොවන ප්‍රජා පාදක ආකෘතීන් යටතේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ යටතේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මතුව ඇති ආබාධ සහිත අවුරුදු 21ට වඩා අඩු ළමුන් සහ තරුණ පුද්ගලයින් සදහා වෙන් වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මාම්පිටිය වත්ත, හන්දෙස්ස, පේරාදෙණිය යන ස්ථානයේ පවත්වාගෙන යනු ලබනවා.

එම වයස් කාණ්ඩයට අයත් පුද්ගලයින්ගේ මනෝ – සමාජීය ලක්ෂණ සහ මත්ද්‍රව්‍ය භාවිතය ආශ්‍රිත ඔවුන්ගේ චර්යාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ප්‍රතිකාර කිරීමේ දී අදාළ පුද්ගලයන් සඳහා වෙන් වූ ප්‍රතිකාර සේවාවන් හා වෙන් වූ ප්‍රමාණවත් ඉඩපහසුකම් අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇති.

දැනට අදාළ මධ්‍යස්ථානයේ නේවාසික ධාරිතාව පවතින්නේ පුද්ගලයින් 35 දෙනෙකුට පමණක් වන බැවින්, පොරොත්තු ලේඛන පවත්වාගෙන යමින් ඇතුළත් කර ගැනීම් කිරීමට සිදු ව තිබෙනවා.

එබැවින්, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ ළමුන් සහ තරුණ පුද්ගලයින් සඳහා ප්‍රතිකාර අවස්ථාවන් පුළුල් හා කඩිනම් කිරීමට හැකි වන පරිදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 110ක් වැය කර පේරාදෙණිය ප්‍රතිකාර මධ්‍යස්ථාන පරිශ්‍රයේ නව නේවාසික ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10