AFC Banner
AFC Banner
Empty Ad

මඩ වගුරකින් හමු වූ මධුවන්තිගේ මරණයට හමුදා සෙබළෙක් අල්ලයි

අලවතුගොඩ, පල්ලේගම, ඇල්ලේකඩේ ප්‍රදේශයේ කුඹුරක මඩ වගුරක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධනුකා මධුවන්ති ජයතිලක නැමැති 26 හැවිරිදි කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටිය දී ඊයේ (11) සොයා ගැනුනේ
ඇය පදිංචිව සිටි නිවස අසල කුඹුරක මඩ වගුරක තිබියදී යි.

මේ මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැකපළ කළ අතර, එම කාන්තාවගේ සැමියා රාත්‍රී මළගෙදරක ගොස් සිටිය දී මෙම කාන්තාව මෙලෙස ඝාතනයට ලක්ව තිබුණා.

අභිරහසක්ව තිබූ මෙම ඝාතනය සම්බන්ධ සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට උපකාරී වී ඇත්තේ පොලිස් නිල සුනඛයෙක්.

පොලිස් නිල සුනඛයා ඝාතනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් පමණ ගොස් අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා නිලධාරියාගේ නිවසේ ඔහු සිටි කාමරයේ නැවතී ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අයෙක් බව සඳහන්.

මොහු අවස්ථා කිහිපයකදීම මෙම කාන්තාවට විවිධ යෝජනා සිදුකර ඇති බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට අද (12) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ අතර, අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?