මඩ වගුරකින් හමු වූ මධුවන්තිගේ මරණයට හමුදා සෙබළෙක් අල්ලයි

අලවතුගොඩ, පල්ලේගම, ඇල්ලේකඩේ ප්‍රදේශයේ කුඹුරක මඩ වගුරක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධනුකා මධුවන්ති ජයතිලක නැමැති 26 හැවිරිදි කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටිය දී ඊයේ (11) සොයා ගැනුනේ
ඇය පදිංචිව සිටි නිවස අසල කුඹුරක මඩ වගුරක තිබියදී යි.

මේ මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැකපළ කළ අතර, එම කාන්තාවගේ සැමියා රාත්‍රී මළගෙදරක ගොස් සිටිය දී මෙම කාන්තාව මෙලෙස ඝාතනයට ලක්ව තිබුණා.

අභිරහසක්ව තිබූ මෙම ඝාතනය සම්බන්ධ සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට උපකාරී වී ඇත්තේ පොලිස් නිල සුනඛයෙක්.

පොලිස් නිල සුනඛයා ඝාතනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් පමණ ගොස් අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා නිලධාරියාගේ නිවසේ ඔහු සිටි කාමරයේ නැවතී ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අයෙක් බව සඳහන්.

මොහු අවස්ථා කිහිපයකදීම මෙම කාන්තාවට විවිධ යෝජනා සිදුකර ඇති බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට අද (12) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ අතර, අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. Thirisana unath Nuwanathi iwa ati ballek nisa Miniha beruna. Beri welawath wesssa nam ekath habak, iwa kara kara yanna deyak nathi wenawa.. Ehenam minihata Policiyen guti pujawak saha balkaye ellala slon bata saththuwak labena eka sure. Miniho dan gihin ballata wandhapiya.