මඩකලපුවේ යුක්තියේ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 16ක් පොලිස් දැලට

යුක්තිය මෙහෙයුම අංක 02 යටතේ මඩකලපුව නගරයේ සිදු කළ පොලිස් මෙහෙයුම්වල දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කළ, භාවිත කළ පුද්ගලයින් 16 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට පමණක් ම පුද්ගලයින් 08 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සැකකරුවන් අතර අයිස් මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ නිරත ව මේ වනවිට (24) රක්ෂිත බන්ධනාගාරගත කර මාස 09ක් ගතවන සැකකරුවෙකුගේ බිරිඳ ද අයිස් සමග පොලිස් මෙහෙයුමෙන් අත් අඩංගුවට ගැනුණා.

කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ දී යි මෙම සැකකාරිණිය අත්අඩංගුවට ගැනුනේ.

ඇයගේ ස්වාමිපුරුෂයා ද මේ වනවිට පසුවන්නේ මඩකළපුව රක්ෂිත බන්ධනාගාරයේ යි.

මීට අමතර ව නවට්කුඩා, නොචිමුණ සහ කල්ලඩි ප්‍රදේශවලින් ද ලීටර් 40ක් පමණ කසිප්පු සමග සැකකරුවන් යුක්තියේ මෙහෙයුමෙන් අත් අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද (24) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?