මඩකලපුවේ යුක්තියේ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 16ක් පොලිස් දැලට

යුක්තිය මෙහෙයුම අංක 02 යටතේ මඩකලපුව නගරයේ සිදු කළ පොලිස් මෙහෙයුම්වල දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කළ, භාවිත කළ පුද්ගලයින් 16 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට පමණක් ම පුද්ගලයින් 08 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සැකකරුවන් අතර අයිස් මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ නිරත ව මේ වනවිට (24) රක්ෂිත බන්ධනාගාරගත කර මාස 09ක් ගතවන සැකකරුවෙකුගේ බිරිඳ ද අයිස් සමග පොලිස් මෙහෙයුමෙන් අත් අඩංගුවට ගැනුණා.

කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ දී යි මෙම සැකකාරිණිය අත්අඩංගුවට ගැනුනේ.

ඇයගේ ස්වාමිපුරුෂයා ද මේ වනවිට පසුවන්නේ මඩකළපුව රක්ෂිත බන්ධනාගාරයේ යි.

මීට අමතර ව නවට්කුඩා, නොචිමුණ සහ කල්ලඩි ප්‍රදේශවලින් ද ලීටර් 40ක් පමණ කසිප්පු සමග සැකකරුවන් යුක්තියේ මෙහෙයුමෙන් අත් අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද (24) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39