මඟ පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහන යොදාගෙන ජාතික වනෝද්‍යාන තුළට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර විසින් ලබාදුන් උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දා වාහනවලින් යාල වනෝද්‍යානයට ඇතුළු වූ පිරිසක් සතුන්ට හිරිහැර වන අයුරින් හැසිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක වනතුරු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අනුව මඟ පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහන භාවිත කරමින් මෙරට කිසිඳු ජාතික වනෝද්‍යානයකට ඇතුළුවීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













