මංගල ටෙස්ට් තරගයේදීම ‘හාර්ට්ලි’ ඉන්දියාව පරදා එංගලන්තයට ජය කැන්දයි

සත්කාරක ඉන්දියාව පරදා පළමු ටෙස්ට් තරගයෙන් තියුණු ජයක් ලබන්නට එංගලන්ත කණ්ඩායමට අද (28) හැකියාව ලැබුණා.

හයිද්‍රාබාද් හිදී පැවති මෙම තරගය ඉන්දියාව පරාජය කරමින් එංගලනතය ජයගත්තේ ලකුණු 28කින්.

තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී එංගලන්තයට ජයග්‍රහණය හිමිකරදීමට මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ටොම් හාර්ට්ලිට හැකියාව ලැබුණා.

ඒ, ඉන්දීය දෙවන ඉනිමේ දී තීරණාත්මක පිතිකරුවන් 07 දෙනෙක් දවාගනිමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ එංගලන්තය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 246ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 436ක් සිය ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

ඉන්දීය පළමු ඉනිම ඉදිරියේ පරාජය වූ එංගලන්තය සිය දෙවන ඉනිම ආරම්භ කළේ ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 190ක් පසුපසින් සිටිමින්.

ඒ, අනුව තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියල්ලන් දැවී ලකුණු 420ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ඉන්දීය දෙවන ඉනිම ආරම්භ වූ අතර තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාවට හිමි වූ ඉලක්කය ලකුණු 230ක්.

එම ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී ලකුණු 202ක සීමා කරන්නට නවක ක්‍රීඩක ටොම් හාර්ට්ලි ප්‍රමුඛ එංගලන්ත පන්දු බලඇණියට හැකියාව ලැබුණා.

ඉන්දීය දෙවන ඉනිම ආරම්භයේ සිටම සුණු විසුනු කළ මංගල ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක ටොම් හාර්ට්ලි කඩුලු 07ක් බිඳ දැමුවා.

මෙහිදී ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම හාර්ට්ලිවිසින් දවාගත් අතර ඔහු ඉන්දීය දෙවන ඉනිමේ කඩුලු හතක් සහ පළමු ඉනිමේ කඩුලු දෙකක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව පළමු තරගය ජයගත් එංගලන්තය තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?