මංගල ටෙස්ට් තරගයේදීම ‘හාර්ට්ලි’ ඉන්දියාව පරදා එංගලන්තයට ජය කැන්දයි

සත්කාරක ඉන්දියාව පරදා පළමු ටෙස්ට් තරගයෙන් තියුණු ජයක් ලබන්නට එංගලන්ත කණ්ඩායමට අද (28) හැකියාව ලැබුණා.

හයිද්‍රාබාද් හිදී පැවති මෙම තරගය ඉන්දියාව පරාජය කරමින් එංගලනතය ජයගත්තේ ලකුණු 28කින්.

තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී එංගලන්තයට ජයග්‍රහණය හිමිකරදීමට මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ටොම් හාර්ට්ලිට හැකියාව ලැබුණා.

ඒ, ඉන්දීය දෙවන ඉනිමේ දී තීරණාත්මක පිතිකරුවන් 07 දෙනෙක් දවාගනිමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ එංගලන්තය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 246ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 436ක් සිය ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

ඉන්දීය පළමු ඉනිම ඉදිරියේ පරාජය වූ එංගලන්තය සිය දෙවන ඉනිම ආරම්භ කළේ ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 190ක් පසුපසින් සිටිමින්.

ඒ, අනුව තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියල්ලන් දැවී ලකුණු 420ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ඉන්දීය දෙවන ඉනිම ආරම්භ වූ අතර තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාවට හිමි වූ ඉලක්කය ලකුණු 230ක්.

එම ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී ලකුණු 202ක සීමා කරන්නට නවක ක්‍රීඩක ටොම් හාර්ට්ලි ප්‍රමුඛ එංගලන්ත පන්දු බලඇණියට හැකියාව ලැබුණා.

ඉන්දීය දෙවන ඉනිම ආරම්භයේ සිටම සුණු විසුනු කළ මංගල ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක ටොම් හාර්ට්ලි කඩුලු 07ක් බිඳ දැමුවා.

මෙහිදී ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම හාර්ට්ලිවිසින් දවාගත් අතර ඔහු ඉන්දීය දෙවන ඉනිමේ කඩුලු හතක් සහ පළමු ඉනිමේ කඩුලු දෙකක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව පළමු තරගය ජයගත් එංගලන්තය තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10