මංගල උත්සව ඇතුළු උත්සව සම්බන්ධයෙන් රජය ගත් තීරණය

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15ක් සඳහා දීර්ඝ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසයි.

ඒ අනුව දෙසැම්බර් මාසය අවසාන වන තෙක්ම පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ (15 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව සඳහා සහභාගිවිය හැකි වන්නේ දෙසීය දෙනකුට පමණි. එළිමහනේ පැවැත්වෙන උත්සවයක් සඳහා දෙසිය පනස්දෙනකුට සහභාගි වීමේ හැකියාව පවතියි.

උත්සව අවස්ථාවලදී මත්පැන් පානය කිරීම තහනම් කර ඇත. නිවසින් බැහැරට යායුතු වන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් බව ද එම මාර්ගෝපදේශවල සඳහන් වෙයි.

එසේම සිනමා ශාලාවලට සියයට හැත්තෑපහක ආසන ධාරිතාවකින් යුතුව පිරිස කැඳවිය හැකිය.

අවමංග්‍යය උත්සවයක් සඳහා සහභාගිවිය හැකි වන්නේ එක් අවස්ථාවකදී විසිදෙනකුට පමණක් වන අතර කොවිඩ් නොවන මරණයක් පැය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතුය.

එසේම වයස අවුරුදු විස්සට වැඩි පුද්ගලයන්ට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හෝ ළඟම ඇති රෝහලෙන් බූස්ටර් එන්නත ලබා ගත හැකි බවත් රට විවෘත කර දෛනික කටයුතු පවත්වාගෙන යාමට නම් බූස්ටර් එන්නත ලබා ගැනීම වැදගත් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

ඉදිරියේදි උත්සව සමය එළැඹෙන නිසා දෛනික ක්‍රියකාරකම් සිදුකිරීමේදි කොවිඩ් වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා බූස්ටර් එන්නත ලබා ගැනීම වැදගත් බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුණු ලෝබයෙක් - ආර්යාවෝ තියාගෙන වියදම් කරන්නේ නෑ
03:17
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජා නැද්ද - ගෙදර යන්න වෙනවා.. ස්ථිරයි
04:33
Video thumbnail
ආයේ කිසිම එකෙකුට ඡන්දේ දෙන්නේ නෑ
04:04
Video thumbnail
වතුකරයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට දැඩි ආරක්ෂාවක්
01:35
Video thumbnail
දිට්වා නිසා අවතැන් වුණ දරුවන්ව අමතක කරන්න හොඳ නෑ
02:12
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10