භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යංශය සමාව ඉල්ලයි

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය කැඳවා තිබුණා. මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ආර්.සංජීපන් සහ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) එම්.එම්.ජේ.පී.අජිත් ප්‍රේමා යන මහත්වරු සහභාගී වී සිටියා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් මාධ්‍ය හමුවක් පවත්වා කෝප් කමිටුව සම්බන්ධව කරුණු දැක්වීම පිළිබදව මෙහිදී කරුණු විමසා තිබෙනවා. භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපතිවරයා මෙහිදී පවසා සිටියේ කෝප් කමිටුව විවේචනය කිරීමේ අරමුණක් නොතිබූ බවත් යම් ආකාරයක අපහසුතාවක් සිදුවූයේ නම් ඒ පිළිබදව සමාව ඉල්ලා සිටින බවයි.

විගණකාධිපතිවරයාගේ නිර්දේශ කිසිදු පුද්ගලයෙකු හෝ ආයතනයක් ඉලක්ක කරගනිමින් ලබා නොදෙන බවත්, කමිටුවට ඇති බලතල අනුව ක්‍රියාකරන බවත් කෝප් සභාපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. විගණකාධිපතිවරයා හෝ කෝප් කමිටුව විවේචනය කිරීම මගින් මෙම ගැටලුවලට විසඳුම් නොලැබෙන බවත්, මෙය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බැවින් මින් ඉදිරියට එවැනි ක්‍රියා සිදු නොවීමට වගබලා ගැනීමේ අවශ්‍යතාවත් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

බලපත්‍ර නිකුත් කිරීම, බලපත්‍ර නිකුත් කර අහෝසි කිරීම, විගණකාධිපතිවරයාගේ විගණන විමසුම්වලින් නිරීක්ෂණය කරන ලද කරුණු පිළිබද අදහස් දැක්වීමට මෙහිදී කාර්යංශයට අවස්ථාව ලබා දෙනු ලැබුවා. බලපත්‍ර ලබාදීමේදී අදාළ අනෙකුත් ආයතනවල අනුමතිය ලබාගැනීමේදී ප්‍රමාදයන් සිදුවන බවයි කාර්යංශයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ. දිස්ත්‍රික් කාර්යාල මගින් බලපත්‍ර ලබා දීමේ කටයුතු සියල්ල සිදුකර අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහා අවසන් අනුමතිය සදහා යොමුකරන බවත් අමාත්‍යවරයා වෙත යැවීම සිදුකරන්නේ දැනගැනීම සඳහා පමණක් බවත් ඔහු පෙන්වා දුන්නා.

බලපත්‍ර අහෝසි කිරීමේදී නැවත අභියාචනා ඉදිරිපත් කළ පසු එම කටයුතු අමාත්‍යාංශයේ නීති නිලධාරියෙක් නොමැතිවීම නිසා ඇණහිට තිබීම පිළිබදව අවධානය යොමු වුණා. කොන්ත්‍රාත් පදනම මත නීති නිලධාරියෙක් අමාත්‍යාංශයට බඳවා ගැනීමට කටයුතු කරන ලෙසටයි කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ.

කැනීම් බලපත්‍ර ලබාගෙන ඇති පුද්ගලයන් හෝ ආයතන සහ අදාළ කාලසීමාවන් පිළිබදවත් ඒවා අක්‍රීය පවතින්නේ නම් ඒ සියලු කරුණු කාරණා ඇතුළත් වාර්තාවක් සති දෙකක් තුළ ලබා දීමටත් මෙහිදී නියෝග කෙරුණා.

මෙම ගැටලු විසදා ගැනීම සඳහා නව පනතක් හඳුන්වාදීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා වුණා. ඒ අනුව කැබිනට් සංදේශයක් මගින් පනත සංශෝධනය සඳහා බලය ලබා ගැනීමට සති දෙකක් තුළ කටයුතු කර දන්වන ලෙසටයි නිර්දේශ කෙරුණේ.

එසේම බලපත්‍ර ලබාගැනීමේ සංකීර්ණ ක්‍රමවේදය වෙනුවට මානව හිතවාදී නව ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් කමිටු සභාපතිවරයා නියෝග කර තිබෙනවා.

ඇතැම් ආයතනවලට ලබාදී ඇති අපනයන ඛනිජ සදහා වන කැනීම් බලපත්‍ර, කාර්යංශය හා ලේකම්වරයාට දැනුම්දීමකින් තොරව ‍ පැවරීම සිදුකරන අවස්ථා ඇති බවටයි මෙහිදී අනාවරණය වූයේ. ඩොලර් මිලියන 89 කට තවත් පාර්ශවයකට එවැනි බලපත්‍රයක් විකුණා ඇති අවස්ථාවක් වාර්තාවී ඇති බවද කාර්යංශ සභාපතිවරයා ප්‍රකාශ කළා. එම තොරතුරු කඩිනමින් විගණකාධිපතිවරයාට ලබා දෙන ලෙසද කමිටුව දැනුම් දී තිබෙනවා.

‍කාර්යාංශය සමග නිරන්තර අවධානයෙන් සිටිමින් එම කටයුතු අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව ලේකම්වරයාට කමිටුව විසින් අවධාරණය කර තිබෙනවා. එසේම භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සම්බන්ධව විමර්ශන කටයුතු සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා පසුගිය කෝප් රැස්වීමේදී පත්කරන ලද කෝප් අනුකමිටුව මගින් ඉදිරි කටයුතු සිදු කරන බවයි කෝප් සභාපතිවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46