භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයට කෝප් කමිටුවේ අප්‍රසාදය

පසුගිය මැයි මස 12 වනදා පැවති කෝප් රැස්වීමේදී භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයට ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කෝප් කමිටුව සමාලෝචනය කර තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවූ 03 වැනි අවස්ථාව මෙය වුවද, පවතින ප්‍රධාන ගැටලු සඳහා නිසි පිළියමක් ලබා දී නොමැතිවීම පිළිබදව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා දැඩි ලෙස සිය අප්‍රසාදය පළ කරනු ලැබුවා.

රාජ්‍ය ව්‍යවසායන් අතරින් වැඩිම මහජන පෙත්සම් සංඛ්‍යාවක් මෙම ආයතනයේ ක්‍රියාකලාපයට එරෙහිව ලැබී ඇති බවයි කෝප් සභාපතිවරයා සදහන් කළේ.

කැණීම් කරන ලද ඉඩම් නිසි පරිදි ප්‍රතිසංස්කරණය නොකිරීම

විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම කෝප් සභාපතිවරයාගේ දැඩි දෝෂදර්ෂණයට ලක්විය. මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය සිදු කිරීමට නොහැකි වී ඇති බව නිලධාරීහු පැවසුහ. කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම සදහා අයකරන ගාස්තු ප්‍රතිශතය ප්‍රමාණවත් ද යන්න සමාලෝචනය කිරීමට මෙහිදී උපදෙස් දෙන ලදී.

බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ ගැටලු

කාර්යාංශය විසින් බලපත්‍ර නිකුත් කිරීමේ අනුගමනය කරන ක්‍රියා පටිපාටිය පනතට අනුකූල නොවන බවත් අත්තනෝමතික බවත් මෙහිදී සාකච්ඡා විය. නිකුත් කරන ලද බලපත්‍ර නිසි ක්‍රමවේදයකින් තොරව අත්තනෝමතික ලෙස අවලංගු කර ඇති බවත් මෙහිදී අක්‍රමිකතා සිදුව ඇති බවට නිරීක්ෂණය වන බවත් අනාවරණය විය. බලපත‍්‍ර නිකුත් කිරීමට කාර්යාංශයට බලතල ලබාදී ඇතත් තවමත් බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා වෙත අයදුම්පත් යොමු කරමින් පවතින බවත් අනාවරණය විය. මෙමගින් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය අභියෝගයට ලක්වීම පිළිබඳව කමිටු සාමාජිකයෝ දැඩි කනස්සල්ල පළ කළහ.

කෝප් සභාපති ස්වාධීන නීති නිලධාරියෙකු පත් කිරීමට නියෝග කරයි

කාර්යාංශය තුළ සිදුවන සියලු අක්‍රමිකතා සොයා බැලීමට ස්වාධීන නීති නිලධාරියකු කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමට කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැඩි නියෝගයක් ලබා දුන්නේය. තවද, ආයතනය තුළ සිදුවන කටයුතු සොයා බැලීමට දැනටමත් කෝප් කමිටුව විසින් පත් කර ඇති අනු කමිටුව ක්‍රියාත්මක කිරීමට ද අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10