භාවිතයට නුසුදුසු පලිබෝධනාශක බෙදූ අයෙකු අත්අඩංගුවට

මෙරට භාවිතය නුසුදුසු බවට නිර්දේශ කර ඇති Ammonium salt of glyphosate නමින් හඳුන්වන විදේශිය නිෂ්පාදිත කෘෂි රසායන තොගයක් මෝටර් රථයකින් අළෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒකල ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශය මගින් මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබූ පලිබෝධ නාශක පැකට් 2000 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ඒවා පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයාගේ ලිඛිත අවසරයක් නොමැතිව තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වා ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

සැකකරු වයස අවුරුදු 40 ක් වන මොරගොල්ලාගම පදිංචිකරුවෙකු වන අතර ඔහුට එරෙහි අධිකරණ නියෝග ලබාගෙන අදාළ පළිබෝධනාශක සාම්පල පළිබෝධ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට පොලිසිය අපේක්ෂා කරනවා .

සැකකරු අද මිණුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47