AFC Banner
AFC Banner
Empty Ad

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිසුන් 30කගේ පන්ති තහනම්

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ සිසුන් 30 දෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කළ බව උප කුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසනවා.

විශ්ව විද්‍යාලය යළි විවෘත කිරීම පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේබව සඳහන් කළා.

උන්වහන්සේ එහිදී කියාසිටියේ සිසුන්ට එල්ලවී ඇති නවකවද චෝදනා සහ විනය විරෝධී සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණවලට අනුව මෙම තහනම පැනවූ බවයි.

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහිදී මහනාහිමියන්ට කරුණු පැහැදිළි කර තිබෙනවා.

මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ද එක්ව සිටියා.

නවකවදය සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා මත බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පසුගිය 19 වනදා සිට දින නියමයක් නොමැතිව වසා දැමුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?